මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්බුද්ධ ශාසනයේ වැඩිදියුණුව සඳහා ධර්ම සංඝායනාවක් ලබන වසරේ

    නොවැම්බර් 23, 2015

    මෙරට සම්බුද්ධ ශාසනයේ වැඩිදියුණුව සඳහා ධර්ම සංඝායනාවක් පැවැත්වීමේ මූලික කටයුතු ලබන වසර ආරම්භයත් සමග සංවිධානය කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    ත්‍රෛනිකායික නායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා සහ මගපෙන්වීම අනුව එම කටයුතු සිදු කරන බව පැවසූ ජනාධිපතිතුමා විහාර දේවාලගම් පනත සහ කතිකාවත් පනත සම්බන්ධයෙන්ද නායක ස්වාමින් වහන්සේලාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මූලික කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව කියා සිටියේය.

     

    ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සද්ධර්ම කීර්ති ශී‍්‍ර ජිනරතන ගෞරවනාම සහිත ගාල්ල වැල්ලබඩ ප‍්‍රධාන පත්තුවේ ප‍්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම්ලද හරුමල්ගොඩ බටහිර ඛෙත්තාරාමාධිකාරි ගාල්ල දිස්ති‍්‍රක් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හබරාදුව ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය හප්පාවන රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේට උපහාර පුද කිරීම වෙනුවෙන් පසුගියදා (21) පස්වරුවේ හරුමල්ගොඩ බටහිර ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති උත්සවයට එක් වෙමිනි.

     

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ බෞද්ධාගම වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් සහ සියලු පහසුකම් ලබාදීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම රජය කැපවී සිටින බවයි.

     

    සියලු ආගම්ක ස්ථානවලට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් රටේ සියලු ආගම් පෝෂණය කරමින් රට තුළ ආගමික සහජීවනයට ගොඩනැංවීම රජයේ වැඩපිළිවෙළ බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

     

    පූජ්‍ය හප්පාවන රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉටු කරන ආගමික සහ සමාජයීය මෙහෙවර අගයමින් ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශී‍්‍ර කළ්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත මෙම ධූරය පිළිගන්වා ඇති අතර උන්වහන්සේ ඉටු කරන ශාසනික සහ ආගමික සේවාව මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

     

    විහාරස්ථානයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    කෝට්ටේ ශී‍්‍ර කළ්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරන්දර මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ ශී‍්‍ර රාහුල ස්වාමින් වහන්සේ, පූජ්‍ය උඩුමලගල මහින්ද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍ය පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ප‍්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya