අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ බර්නාඩ් අලූවිහාරේ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    නොවැම්බර් 23, 2015

    මාතලේ දිස්ත්‍රීක්කයේ ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස බර්නාඩ් අලූවිහාරේ ක්‍රීඩාංගණය රුපියල් මිලියන 240 ක වියදමින් නවීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පෙරවරුවේ සිදු කෙරිණි.


    මීටර් 400 මං තීරුවක්, මීටර් 25 ක පිහිනුම් තටාකයක්, වොලිබෝල්, බැඩිමින්ටන්, කරාතේ, බාස්කට් බෝල්, ටේබල් ටෙනිස්, නෙට්බෝල්, කැරම් ක්‍රීඩාවන් කිරීමට අවශ්‍ය පහසුකම් සහිතව මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරිමට නියමිතය.



    අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය වසන්ත අථවිහාරේ, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මාතලේ නගරාධිපති හිල්මි මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya