මැතිවරණ ක්‍රමය පිළිබඳ ඊයේ (23) ආරම්භ කරන ලද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය මැතිවරණයේදී ජනතාවයි තීන්දුව දුන්නේ. ප්රජාතන්ත්රවාදය තහවුරු කළ යුතුයි. ස්වාධීනත්වය කියන දේ අතුගෑවිලා ගිහින් තියෙනවා. අපේ ජනාධිපතිතුමා බලයට පත් වෙන්න පෙර ජනතාවට පොරොන්දුවක් දුන්නා. ස්වාධීන කොමිසම් ඇති වෙන ගමන් ස්වාධීනත්වය තහවුරු කරන බවට.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැම වෙලාවෙ ම අපි ආරක්ෂා කරනවා. අවංක නායකයෙක් අපට ඕනෑ. ජනාධිපතිතුමාට සහය දෙනවා. බේදභින්න වෙලානම් අපි ආණ්ඩුව විසුරුවමු. හොඳ මන්ත්‍රීවරුන් පත්කර ගත යුතුයි. සභාව එකමුතුව කටයුතු කරමු යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.