සමරු ඵලකය නිරාවරණය කර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාමානයට නිරාවරණය කළ ජනාධිපතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථම මල් පූජාව ද සිදු කළේය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි මෙම අවස්ථාවට අමාත්‍යවරු වන කරූ ජයසූරිය, විජයදාස රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රි නෙරංජන් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසි සැදැහැවත් ජනතාව අතිවිශාල පිරිසක් ද එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB