නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

    මැයි 01, 2015
    රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කෙරේ. එහි සාමාජික සාමාජිකාවන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
     
    සාමාජික සාමාජිකාවන් 13 දෙනෙකුගෙන් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සමන්විත අතර බිම්බා තිලකරත්න, එච්.එම්.එල්.ටී. මුදලිගේ, එච්.අමරතුංග, සී.ඒ.එච්.එම්. විජේරත්න, ඒ.කේ.ඩී.ඩී.ඩී අරන්දර, එල්.එස්. පතිනායක, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, කල්‍යානි දහනායක, ජගත් පී. විජේවීර, ඩී.ජී.එන් ජයවර්ධන, සී.ඒ. ප්‍රේමශාන්ත, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ යන මහත්ම මහත්මීන් එහි සාමාජික සමාජිකාවන් වෙති.
     
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya