අමාත්‍යවරයා මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමිනි.
උතුරු පළාත් පාසල් නගාසිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තීරණ කීපයක් ගත්තා,උතුරු පලාතේ පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන. උතුරු පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය, දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය නිසා බිඳ වැටී ඇති අයුරු නිරීක්ෂණය කළා. අධ්‍යාපන තත්ත්වය නැංවීමට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.
ත්‍රස්තවාදයේ ප්‍රතිඵල ලෙස දෙමව්පියන් අහිමිව, පවුලේ සහෝදර සහෝදරියන් අහිමිව, නිවාස දේපළ අහිමිව පීඩාවට පත් වූ ජනතාව නැවත එම ග්‍රහනයන්ට හසු නොවන්නට කටයුතු කළයුතු බවට තීරණය කළා. යහගුණයෙන් යුත් දරුවන් පිරිසක් ඇති කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදී කටයුතුවලට පෙළඹීමේ අවකාශ අහුරයි.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්වීම ප්‍රතිශතය ඉහළ නැංවීම, පාසල් අතරමඟ අතහැර යාමේ ප්‍රවණතාව අඩු කිරීම, පාසල් පැමිණිමේ ප්‍රතිශතය ඉහළ නැංවීම යන අරමුණු පාදක කරගෙන අධ්‍යාපනය සංවර්ධනය කළ යුතු අතර දරුවන් අධ්‍යාපනයට පූර්ණ කාලීනව යෙදවීමට තීරණය කෙරිණි.
ගුරුවන්ගේ ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව වැඩි කිරීමට අවධානය යොමු විය. මෙම දිස්ත්‍රික්ක දෙක විශේෂ අධ්‍යාපනික කලාප දෙකක් ලෙස නම් කිරීමට යෝජිතයි.
මාස හයක් තුළ පාසල්වල වර්ධනීය තත්ත්වය පෙන්විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. වසාදමන ලද යාපනය සිංහල මහ විද්‍යාලය නැවත ස්ථාපනය කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද තීරණය විය. මේ සියල්ල මඟින් දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබාදීමට අපේක්ෂා කරන බවද නිවේදනය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසී ය.