නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතීන් අතර සමඟිය තහවුරු වන සෞභාග්‍යමත් නව වසරක් වේවා - අගමැති

    අප්‍රේල් 14, 2015

    සිංහල දමිළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සමඟිය තහවුරු වන, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත් නව වසරක් වේවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු සුභාශිංසන පණිවුඩයෙන් ප්‍රකාශ කර සිටියි.

     

    අගමැතිතුමාගේ සිංහල දමිළ අලුත් අවුරුදු සුභාශිංසන පණිවුඩය,

     

    “මේ වසන්තය යි. ජාති, ආගම් භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස සූර්ය මංගල්‍යය සමරන අසිරිමත් කාල වකවානුවයි.

     

    සිංහල දමිළ අලූත් අවුරුද්ද ශ්‍රී ලාංකීය ජනතාවට අතිශය වැදගත් වන සංස්කෘතික, කලා මංගල්‍යයකි. ඈත අතීතයේ සිටම සොබාදහම සමඟ ආත්මීයව බැඳෙමින් කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුපුරුදු වූ ලාංකිකයනට අලුත් අවුරුද්ද යනු ජාතික සමඟිය, සහෝදරත්වය, සමානාත්මතාව, සතුට, සෞභාග්‍යය ඔප් නංවන ජාතික උත්සවයකි.

     

    නව දේශපාලන සංස්කෘතියකට පිවිසෙමින්, වාර්ගික - ආගමික - පාක්ෂික භේද පසෙක ලා, ලාංකීය සමාජය බලාපොරොත්තු සහගතව ඉදිරිය දකින මේ අවස්ථාවේ, පීඩනයේ සහ මර්දනයේ හැඟීමෙන් තොරව අවුරුදු සමරන්නට ලැබීම අතිශයින් වැදගත් ය.  

     

    සිංහල දමිළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සමඟිය තහවුරු වන, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත් නව වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya