අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදුරු ඔය මංගල දියවර නිකුත් කිරීම ඉදිරි මාස තුන ඇතුළත

    මැයි 05, 2014


    නූතන ඉතිහාසයේ වයඹ පළාත තුළ ඉදිවෙන විශාලත ම ජලාශය වන දැදුරු ඔය ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම ඉදිරි මාස තුන ඇතුළත සිදුවනු ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය පැවසීය.

     


    ඒ මහත්මිය මෙම අදහස් පළකරනු ලැබුවේ පසුගියදා වාරියපොළ  දැදුරු ඔය ව්‍යාපෘති කාර්යාලයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.
    ජලාශයේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 66000කි. මේ වන විටත් අක්කර 12000ක පමණ ජල කඳක් ජලාශය තුළ එක්රැස්වී ඇත. දැදුරු ඔය ජලාශය ඉදිකිරීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 9000කි.


    මේ පිළිබඳව අදහදස් දක්වමින් භද්‍රා කමලදාස මහත්මිය පැවසුවේ මහින්ද චින්තන වැඩසටහන යටතේ දැදුරුඔය ව්‍යාපෘතියට ප්‍රමුඛත්වය ලැබුණා. රජයේ මුදල් නිසි පිරිදි ලැබුණු අතර, දැදුරු ඔය ජලාශය සඳහා කිසිදු විදේශ තාක්ෂණයක් ලබා නොගත් බවත්, මුළුමනින්ම ශ්‍රී ලාංකීයයන්ගේ තාක්ෂණය යොදා නිර්මාණය වීම අප සැමට ආඩම්බරයක් වන බවයි.


    එමෙන් ම රජයේ විධිමත් මග පෙන්වීම යටතේ නිසි කළමනාකරණයකින් යුතුව දැදුරු ඔය ජලාශයේ ඉදි කිරීම 2007 වර්ෂයේ දී ආරම්භ කරන ලද බවත්, එසේම ජලාශය සඳහා මුළුමනින්ම දේශීය වශයෙන්ම මුදල් යෙදවීම ද විශේෂත්වයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.


    මෙහිදී අදහස් දැක්වු දැදුරු ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බී.ඒ.එස්.එස්. පෙරේරා මහතා - ඉඟිනිමිටිය ජලාශය දක්වා ජලය ගෙන යෑම දැදුරු ඔය ජලාශයේ ප්‍රධානතම අරමුණක් වන බව පැවසීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින්  ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසුවේ, දැදුරු ඔය ශ්‍රේණියේ සිට මී ඔය ගංගා ද්‍රෝණියට ජලය ගෙනයාමට ද එය දායක වන බවයි. ඍජු වශයෙන්ම ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 10ක ජනතාවට මේ ඔස්සේ ප්‍රතිලාභ ලැබේ. වම් ඇළ කි.මී 44කින් ද දකුණු ඇළ කි.මී 43කින් ද යුක්ත වේ. මීට අමතරව ඇළ මාර්ග පද්ධතියට සමගාමීව විධිමත් මාර්ග පද්ධතියක් ඉදිකිරීම ද දැන් අවසන් වෙමින් පවතී.


    අන්තර් ද්‍රෝණි අතර ඇළ මාර්ගයක් ඉදිකිරීම, නිකවැරටිය මාගල්ල ජලාශයට ජලය ගෙන යාම, දිවුල්ලෑගොඩ සිට නම්බුවාව දක්වා ජලය ගෙන යාම, වැව් 250ක් පමණ පෝෂණය වන පරිදි ඇළ මාර්ග වැඩි දියුණු වීම, යල මහ දෙකන්නයටම ජලය ලබා දීම, මෙගා වොට් 1.5ක විදුලිබලය නිෂ්පාදනය දැදුරු ඔය ජලාශය ඉදිකිරීම මගින් ප්‍රතිලාභ සැලසෙන ප්‍රධාන සංරචක ලෙස පෙන්වා දිය හැකි බව ද ව්‍යාපෘති අධ්‍යක්ෂ පෙරේරා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.


    මෙම  සාකච්ඡාවෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න හා වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දැදුරුඔය ජලාශයේ ඉදිකිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් ද සිදු කෙරිණි.


     ECB/LT_dmu_kegalle

    deduru3

    deduru4

    deduru5


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya