අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

    මැයි 05, 2014

    එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් මේ මස (08) වන දින වියට්නාමයේ නින්හ් බින්හ් ( Ninh Binh) ප්‍රාන්තයේදී ආරම්භ වේ.

     

    පුරා දින හතරක් පැවැත්වෙන මෙම සමුළුවේදී බුදු දහමේ උන්නතිය උදෙසා එක්සත් ජාතීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව සැසිවාර කිහිපයක් පැවැත්වීමට නියමිතය.


    එක්සත් ජාතීන්ගේ එකළොස්වන වන වෙසක් දින සැමරුම මෙය වන අතර, වියට්නාමයේදී එය පවත්වන්නේ දෙවන වරටය. වර්ෂ 1998දී මෙරට පැවැත්වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් වර්ෂ 1999 සිට වෙසක් දින සැමරුම් උළෙලක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය තීරණය කර තිබේ.


    "එක්සත් ජාතීන්ගේ සහස්‍ර ඉලක්ක ළගා කර ගැනීම සඳහා බෞද්ධ දර්ශනය" යන තේමාව යටතේ පැවැත්වේන මෙවර සමුළුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.


    මෙම අවස්ථාව සඳහා ලෝකයේ ථෙරවාදී, මහායාන බෞද්ධ නිකායන් නියෝජනය කරමින් 1500 කට අධික මහා සංඝරත්නය  ද වියට්නාමයේ ජනාධිපති ට්‍රොන්ග් ටැන්ග් සෑන්ග් (Truong Tan Sang), ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න යන මහත්වරු ඇතුළු බෞද්ධ රටවල සම්භාවනීය ආරාධිතයන් දස දහසකට අධික පිරිසක් සහභාගීවේ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya