අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදාචාර විරෝධී ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අප රජය කිසිසේත්ම අවසර දෙන්නෙ නෑ Featured

    මැයි 05, 2014

    සදාචාර විරෝධී ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු අප රජය කිසිසේත්ම අවසර නොදෙන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

     


    සදාචාර විරෝධී ව්‍යාපාර සම්බන්ධයෙන් පනත් සම්මත කළ බවට පාර්ලිමේන්තුව තුළ මෙන්ම, සමාජය තුළද විශාල රාවයක් මෑතක දී පැතිර ගියත්, එවැනි සමාජ විරෝධී ක්‍රියාවන්ට අප රජය කිසිසේත්ම ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍යතුමා කීවේය.


     කළුතර, දොඩංගොඩ, ඉසුරුපුර, ශ්‍රී සංඝරාජ විහාරයේ සංඝරාජ මහා සෑය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් පසුගියදා එහි පැවැති උත්සව සභාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.


     සුරාව සූදුව ආදී සදාචාර විරෝධී කටයුතු කිසිසේත්ම ආරම්භ නොකරන බව කී අග්‍රාමාත්‍යතුමා තවදුරටත් එහිදී මෙසේ ද සඳහන් කළේය.


     “දේශපාලනය තුළ හා සමාජය තුළ අද නිවැරදි නොවන චින්තනයක් ඇති කර ගනිමින් ඇතැමුන් රජය විවේචනයට ලක් කරනවා. ඔවුන් සමාජය තුළ මතයක් නිර්මාණය කරන්නේ මෙම රජය සදාචාර විරෝධී ක්‍රියාවන්ට උපකාර කරන බවටයි.  නමුත් සුළු පිරිසක් කරන එවැනි ක්‍රියාවන් නිසා සැබෑ තොරතුරු නොලැබෙන මහජනයා නොමගට යොමුවන බවද දක්නට ලැබෙනවා.  ශ්‍රී ලංකාවේ සදාචාරය වර්ධනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිරතුරුවම කටයුතු කරන බව සඳහන් කළ යුතුයි.  අතිපූජ්‍ය මහා සංඝරත්නයේ උපදෙස් පරිදි අප රජය නිරතුරුවම ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයට යොමු කිරීම සඳහා කටයුතු කරන බව” ද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.
     

    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේ, කෝට්ටේ නාග විහාර විහාරාධිපති, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ, මොරටුව, රාවතාවත්ත භාවනා මධ්‍යස්ථානාධිපති, පූජ්‍ය දොඩංගොඩ අස්සජී හිමිපාණන් වහන්සේ, මලේගොඩ, ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති, පූජ්‍ය මලේගොඩ නන්ද හිමිපාණන් වහන්සේ, කළුතර, දොඩංගොඩ, ඉසුරුපුර, ශ්‍රී සංඝරාජ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දොඩංගොඩ සුමේධ හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන සෙනල් වෙල්ගම, පියල් නිශාන්ත යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya