අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශ පොත් ප්‍රදර්ශනයේ 4 වැනි දිනය අදයි Featured

    මැයි 05, 2014

    අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව පවත්වනු ලබන මෙම අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය හා සල්පිල ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රදර්ශනයක් බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි


    අධ්‍යාපන අමාත්‍යාංශ පොත් ප්‍රදර්ශනයේ 4 වැනි දිනය අද (05) යි. පසුගිය 02දා සිට අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැත්වෙන ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය, සල්පිල හා සම්මන්ත්‍රණ මාලාවේ අද දින විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.


    ලබන 11 වැනි දින දක්වා මෙම ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙන අතර ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පාසල්, පුස්තකාල ගුරු සිසුන් ඇතුළු මහජනතාවට මෙය විවෘතව තැබේ.


    20% සිට 50% දක්වා වට්ටම් සහිතව ඉතා සහන මිල ගණන් යටතේ මෙම දැවැන්ත පොත් ප්‍රදර්ශනය මඟින් කෘති මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. ලබන වසරේ මෙම ප්‍රදර්ශනය සඳහා විශේෂ අංශ රැසක් එක් කිරීමට අපේක්ෂා කරන අතර සියලුම ග්‍රන්ථ කර්තෘවරුන්, ප්‍රකාශකයන් හා පාසල් සිසුන් අතර සංවාදයක් ඇති වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් මෙම ප්‍රදර්ශනය හා පොත් සල්පිල සංවිධානය කරනු ලබන අතර විභාග දෙපාර්තමේන්තුව මඟින් අ.පො.ස. සා/පෙළ හා අ.පො.ස උ/පෙළ යන විභාග පිළිබඳ දරුවන් දැනුවත් කරන සම්මන්ත්‍රණ මාලාවක් මෙම ප්‍රදර්ශනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    කෝට්ටේ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක රුක්මලේ ධර්මවිජයතිලක විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ජපානයේ අධ්‍යාපනඥ ආචාර්ය ඉතෝ මහතා, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya