අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය නොමැතිව අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය අයදුම්කරුවන්ට ද ඒ සඳහා අවස්ථාව තිබේ. ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ගණිතය සමත්වීමේ අවශ්‍යතාවෙන් එම අයදුම්කරුවන් නිදහස් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහිදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ගණිත විෂය සමත්වීම අවශ්‍ය නොවුන ද රැකියාවකට, වෘත්තියකට, පාඨමාලාවකට, ආයතනයකට හෝ කිසියම් කාර්යයකට අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීමේ අවශ්‍යතාව දක්වා ඇති විටක මෙම සහනය නිසා එම අවශ්‍යතාවෙන් නිදහස් නොවන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
NDH