නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව යුද හමුදාපති අද වැඩ භාර ගනී

    පෙබරවාරි 23, 2015
    ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (23) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
     
    1980දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්ව 1981 දී දෙවන ලුතිනන්වරයකු ලෙස ඉංජිනේරු බලකායේ හයවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට බැඳුණු ඒ මහතා මේ වනවිට වසර 36ක සේවා කාලයක් සපුරා තිබේ.
     
    යුද හමුදා ඉංජිනේරු බලකාධිපති දක්වා එම බලකායේ සියලු තනතුරු හොබවා ඇති ඒ මහතා යුද හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂ, මෙහෙයුම් සහකාර අධ්‍යක්ෂ, යුද හමුදා ලේකම්, ස්වේච්ඡා බලකාධිපති, බටලන්ද මාණ්ඩලික පුහුණු පාසලේ උපදේශක, අණදෙන නිලධාරි හා සේනාවිධායක යන තනතුරු ද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.
     
    ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මහා බ්‍රිතාන්‍ය කැම්බල් ආරක්ෂක විද්‍යාලයේ හා ඉන්දුනීසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගෙන තිබේ. චීනයේ හැන්ජින් හමුදා විද්‍යාලයේත් ඉන්දියාවේ මව් හමුදා විද්‍යාලයේත්, හවායි ආසියා පැසිෆික් යුද මධ්‍යස්ථානයේත් වැඩිදුර පාඨමාලා හදාරා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya