අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා යන්න හැදූ 54ක් නාවික හමුදාවට හසුවේ Featured

    මැයි 03, 2014

    අනවසර සංක්‍රමණිකයින් 54 දෙනෙකු රැගෙන යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (02) මුලතිව් සිට නාවික සැතපුම් 20ක් නැඟෙනහිර මුහුදේදී නැඟෙනහිර නාවික විධානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔවුන් උතුරු පළාතේ පදිංචිකරුවන් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි.


    2013 ඔක්තෝබර් 04 වැනිදා මෙසේ නීතිවිරෝධී ලෙස යාමට තැත්කළ 70ක් ගාල්ලට ඔබ්බෙන් දකුණු මුහුදේ දී අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙවන් සිද්ධියක් වාර්තා වූයේ මාස හතකට පසුව පළමු වතාවට බවත් නාවික හමුදාව පවසයි.


    මෙම පිරිස නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගෙනයමින් තිබූ අතර එහි සිටි ශ්‍රී ලාංකීයයන් 54 දෙනා අතර පිරිමින් 30ක් ද කාන්තාවන් 11ක් සහ ළමුන් 13 දෙනෙකු ද සිටියහ.


    මේ අතර ඉන්දියාව බලා අනවසරයෙන් යාමට තැත්කළ සිවුදෙනෙකු ද නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයට අයත් නාවික භටයින් විසින් මන්නාරම, ඔලුතුඩායි මුහුදු වෙරළ ප්‍රදේශයේදී පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ.


    HC/pixs: navy media

    Navy intercepted 54 persons illegally bound for Australia 1

    Navy intercepted 54 persons illegally bound for Australia 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya