නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වාගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි Featured

    පෙබරවාරි 10, 2015

    එක්සත් ජනතා නිදහස් සන්ධාන  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පැය 6ක්  ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද (10) කොළඹ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

    වෙලේසුදා නොහොත් සමන්ත කුමාර නැමැති  මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවූ බවට එම තැනැත්තා විසින්ම පසුගියදා සිදුකළ චෝදනා මත මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත.

     
    වෙලේසුදා නොහොත් සමන්ත කුමාර නැමැති පුද්ගලයා මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි චෝදනා ලැබ පාකිස්තානයේදී අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. 

     

    වෙලේසුදා විසින් සිදු කළ ප්‍රකාශයට අනුව දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව පොලිසීය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

     

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6ක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තා වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya