අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්පන් සමඟ සබඳතා තිබූ තවත් කෙනෙකු අත්අඩංගුවට

    මැයි 03, 2014

    හිටපු ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

     


    එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුවල නිරතව සිටි සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන තිදෙනාම පසුගිය අප්‍රේල් 11 වැනි දා නැදුම්කර්නි කැලෑ ප්‍රදේශයකදී යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමකදී මරණයට පත් විය.


    පසුව සිදුකරන ලද පරීක්ෂණවලදී ඔවුන් සමඟ සබඳතා පැවැත් වූ එක් පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පසුගියදා යාපනය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබීය.


    මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා අප්පන් නමැත්තාට නවාතැන් ලබාදීම සඳහා සහය දක්වා ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ ඔහු යතුරු කපන්නෙකු ලෙස සේවය කරමින් සිටි බවත්, ඔහු දැනට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතින බවත්ය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya