උතුරු අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තුව නැවත ඇගයීමට ලක් කර ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (06) වෘත්තීය සංගම් සාමාජිකයන් අමතමිනි.
මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් පස්දෙනා කැඳවා පසුගිය රජයෙන් ප්‍රකාශයට පත් කළ රුපියල් බිලියන 245 ඇස්තමේන්තුගත පිරිවැය පිළිබඳව විමසුමට ලක් කළ බවත් එහිදී මෙම ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් බිලියන 60කින් අඩු කර නිමකිරීමට හැකියාව ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා එහිදී හෙළිදරව් කළේය. අප උරුම කරගත් දූෂිත ආර්ථිකය මෙය බව ඒ මහතා අවධාරණය කළේය.
පසුගිය රජයේ දූෂණ පිළිබඳව තවදුරටත් කතා කළ අමාත්‍යවරයා, එක් හෙලිකොප්ටර් යානයක් ඇ.ඩොලර් මිලියන 12කට ගත හැකිව තිබියදී මිග් ගුවන්යානා මිලදී ගැනීමට වියදම් කර ඇති මුදල ඇ.ඩොලර් මිලියන 500ක් වන අතර ඒ අනුව එක් යානයක් ඇ.ඩොලර් මිලියන 20කට මිලට ගෙන ඇති බව හෙළිදරව් කළේය.
ආරක්ෂක විද්‍යාලය සඳහා රුපියල් බිලියන 22ක් වියදම් දරා ඇති නමුත් ඒ සඳහා කිසිදු බිල්පතක් හෝ ටෙන්ඩර් පටිපාටියක් පිළිබඳව සඳහනක් නොමැති අතර ඒ පිළිබඳව කිසිවෙක් අවධානය යොමු කර නැති බවත් ඔහු පැවසීය.
ශැන්ග්‍රි ලා සහ CATC ව්‍යාපෘති සඳහා අලෙවි කළ කොළඹ ගාලු මුවදොර ඉඩමට ලැබුණු මුදල් ආරක්ෂක ලේකම්ගේ ගිණුමට බැර කර ඇති අතර භාණ්ඩාගාර අනුමැතියකින් තොරව එම ගිණුමෙන් රුපියල් බිලියන 7ක් වියදම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පළමු වාරිකය රුපියල් මිලියන 800ක් වූ මූලික ඉදිකිරීම් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 2.5ක මුදලක් වියදම් දරා ඇති නමුත් මේ කිසිදු වියදමක් සඳහා නියම කළ මිල ගණන් පිළිබඳව නිල සඳහනක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර තවත් රුපියල් බිලියන 30 -40 අතර මුදලක් ගෙවීම් ලෙස වියදම් සිදුකර ඇති නමුත් එම මුදල් කා හට කුමක් සඳහා වියදම් කර ඇත්දැයි කිසිවෙකුත් නොදන්නා බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
පොලිය වශයෙන් රුපියල් බිලියන 485ක මුදලක් සමඟ රුපියල් බිලියන 1828ක ණයක් ගෙවීමට රජයට උරුම වී ඇති බවත් ඉතුරු මුදල ප්‍රාග්ධන වියදම වන බවත් පවසන අමාත්‍යවරයා 2015 වසර සඳහා රජයේ පුරෝකතන ආදායම රුපියල් බිලියන 1532ක් වන බැවින් ඉහත ණය පියවීමට රජයට හැකියාවක් නොමැති බවත් ආර්ථිකයේ බංකොලොත් බව එයින් ප්‍රදර්ශනය කෙරෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජයේ සම්පූර්ණ ණය රුපියල් ට්‍රිලියන 6.9ක් ලෙස නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති නමුත් පසුගිය දින 24ක කාලයේ සිදු වූ ගණනයන් අනුව එම ණය රුපියල් ට්‍රිලියන 9.3ක් බව හෙළි වී ඇත. රජයට ඉතුරුව ඇති බාහිර ශේෂය ඇ. ඩොලර් බිලියන 9ක් යැයි විශ්වාස කළත් දැන් තත්ත්වය අනුව ඉතුරුව ඇත්තේ ඇ. ඩොලර් මිලියන 7ක් පමණක් බවත් හෙතෙම හෙළිදරව් කළේය.
පසුගිය සමයේ කොටස් වෙළෙඳ පොළ මෙහෙයවීමට මාෆියා සංවිධානයක් උත්සාහ දැරීමේ අවදානමක් පැවති බව පැවසූ අමාත්‍යවරයා වරදකරුවන් නීතියේ රැහැනට හසුකර දිය යුතු බවත් තවදුරටත් ප්‍රකාශ කළේය.
SDF