නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි දෙන්නේ නැහැ

    පෙබරවාරි 09, 2015
    පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා විවිධ ඉල්ලීම් රැගෙන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම නිරන්තරයෙන් සිදු වුවද, එවැනි ඉල්ලීම් සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගන්නා ලෙස විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍යතුමා හෝ කිසිදු නිලධාරියයෙකු විසින් සිදු නොකරන අතර එම ලිපි ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණීම ඵලදායි නොවන බව එම අමාත්‍යාංශය දන්වයි.
     
    එසේ වුවද දරුවන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයේ දී අසාධාරණයට ලක් වූ අවස්ථා ඇතොත් එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබන මාර්තු මස 06 දින දක්වා අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත. එම පැමිණිලි බාර ගැනීමට විශේෂ කවුළු කිහිපයක් මාර්තු 06 දින දක්වා සතියේ වැඩ කරන දිනවලදී ස්ථාපනය කරනු ඇත. 
     
    එම ඉල්ලීම් හා පැමිණිලි සියල්ලම විමර්ශනය කර සුදුසු තීරණ ලබා දෙන අතර එම ලබා දෙනු ලබන තීරණය අවසාන තීරණය වේ.  ඊට පරිබාහිරව තීරණ ගැනීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ අධ්‍යාපන ලේකම්වරයා විසින් සිදු නොකරන බවත් මාර්තු 06 න් පසුව ලැබෙන ඉල්ලීම් සලකා නො බලන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya