අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්ල- වැල්ලවාය ගමනාගමනයට තවදුරටත් බාධා Featured

    මැයි 03, 2014
    දිස්ත්‍රික්ක හතරක ආපදා අනතුරු ඇඟවීම් එලෙසමපස් කඳු කඩා වැටීම හා ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමන ලද ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් අවහිරව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
     

    එහි පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා පවසයි.
    ඔහු තවදුරටත් පැවසුවේ ඊයේ (02) සවස දියතලාව - හපුතලේ මාර්ගයේත්, ඒ වගේම ඉදල්ගස්ඉන්න - ඔහිය මාර්ගයෙත් අවහිර වීම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි. මෙම මාර්ගය පිළිසකර කිරීම ගුවන් හමුදාවේ සහය ඇතිව සිදු කෙරේ.

    එමෙන් ම අධික වර්ෂාව හේතුවෙන් මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති ආපදා අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ඉදිරි පැය 12 දක්වා ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya