මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි

    මැයි 03, 2014

    අද (03) ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශවලද  තැන් තැන්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවේ.


    සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. දිවයිනට දකුණු දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙම සුළං වේගය පැ කි.මි 50-60 දක්වා විටෙක ඉහළ යා හැකි අතර  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    දිවයිනට දකුණු දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ විටෙක රළු විය හැකි අතර  දිවයින අවට අනෙක් මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya