අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි - ඉදිරි දිනවලත් තද වැසි Featured

    මැයි 03, 2014

    දිවයින ආසන්නයේ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (03) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ පළාත් වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා වැඩි තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.


    ඉහත තත්වය යටතේ උදය කාලයේදීද සමහර ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya