අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ප්‍රදර්ශනය, මහා පොත් සල්පිල හා සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ Featured

    මැයි 02, 2014

    ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය, මහා පොත් සල්පිල හා සම්මන්ත්‍රණ මාලාව අද (02) බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී උත්කර්ශවත් ලෙස ආරම්භ විය.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නජීබ් අබ්දුල් මජීඩ් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම විවෘත කිරීමේ මහෝත්සවය පැවැත්විණි.


    ලබන 11 දින දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ මාලාව සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පාසල්, පුස්තකාල ගුරු සිසුන් ඇතුළු මහජනතාවට විවෘතව තැබේ.


    වැඩ කරන ජනතාවගේ දරුවන් වෙනුවෙන් සෑම වර්ෂයක මැයි 02 වැනිදා ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වෙන බවත් එහිදී ඉතා සහන මිල ගණන් යටතේ සිංහල, දෙමළ, ඉංග්‍රීසී ග්‍රන්ථ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    20% සිට 50% දක්වා වට්ටම් සහිතව ඉතා සහන මිල ගණන් යටතේ මෙම දැවැන්ත පොත් ප්‍රදර්ශනය මඟින් කෘති මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. විෂය නිර්දේශ, ගුරු අත්පොත්, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, ඇගයීම් වාර්තා, අතිරේක කියවීම් පොත්, පිරිවෙන් පොත් දෙස් විදෙස් කෘති රැසක් රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික පොත් ප්‍රකාශකයන්ගේ සහභාගිත්වය සහිතව මෙම ජාතික පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත හැක.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් මෙම ප්‍රදර්ශනය හා පොත් සල්පිල සංවිධානය කරනු ලබන අතර විභාග දෙපාර්තමේන්තුව මඟින් අ.පො.ස. සා/පෙළ හා අ.පො.ස උ/පෙළ යන විභාග පිළිබඳ දරුවන් දැනුවත් කරන  සම්මන්ත්‍රණ මාලාවක් මෙම ප්‍රදර්ශනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාව සඳහා වන පළමු මුද්‍රිත පොත් කට්ටලය ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන මහතා විසින් අධ්‍යාපන අමාත්‍යතුමා වෙත පිරිනැමීද මෙහිදී සිදු කෙරිණි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර, විදුහල්පතිවරුන්, දෙමාපියන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya