අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියේ දරුවන් වෙනුවෙන් නිසා පටු කෝණයෙන් බලන්න එපා

    මැයි 02, 2014
    2014 ලෝක තරුණ සමුළුව ජාතියේ දරුවන් වෙනුවෙන් කරනු ලබන්නක් බැවින් ඒ දෙස පටු කෝණවල සිට නොව නිරුවත් දෑසින් යුතුව බලන ලෙස යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා සිටියි.
     
    පක්ෂ මෙන් විපක්ෂ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සමුළුවේ කථිකයින් වශයෙන් කටයුතු කරනු ලබන බවත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන් දේශපාලන පක්ෂ සාමාජිකයින්ට නිරීක්ෂණ මට්ටමේ නියෝජිතවරුන් වශයෙන් මේ සඳහා සහභාගිවන ලෙස දැනුම් දී ඇතැයි ප්‍රකාශ කළ අලහප්පෙරුම මහතා සමහර මන්ත්‍රීවරුන් මේ වන විට පැමිණීම සනාථ කොට ඇතැයි පැවසීය.
     
    "කාලෙන් කාලෙට පැවැති ආණ්ඩුවල පාටට අනුව අතීතයේ දී අපේ තරුණයින්ගේ ද පාට වෙනස් වුණා. නමුත් අපේ අතින් කිසිම විටෙක ඒ වැරැද්ද සිදු වෙන්නේ නැහැ. සමුළුවේ සම්පූර්ණ වියදම කෝටි 70ක් බවට මාධ්‍යයක් වාර්තාකර තිබුණද ඉන් අඩකටත් වඩා අඩු මුදලකින් සමස්ත සමුළුවේ වියදම පියවාගන්න අපි කටයුතු කරනවා. තරුණ සමුළුව සඳහා කැබිනට් මණ්ඩලයෙන් රුපියල් මිලියන 250ක් වෙන් කොට ඇත. 2014 වසරේ තරුණ සංවර්ධන කටයුතු සඳහාද රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා. ඇමැතිවරයා වශයෙන් මෙම සමුළුවේදී කිසිදු අකටයුතුකමක් සිදු නොවන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා" යැයි ද කීය.
     
    තරුණ ප්‍රජාව වෙනුවෙන් කරනු ලබන ආයෝජනය මුදලින් තක්සේරු නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා පසුගිය අවුරුදු 40ක කාලය පුරාවට තරුණ නැගිටීම් තුනක් සිදුවූ බවත් එහි දේපළ හා ජීවිත හානි මෙතෙක් තක්සේරු කොට නොමැති බවත් පෙන්වා දුන්නේය. 
     
    පසුගිය වසර 30ක් පුරාවට යුද්ධය සඳහා වසරකට රුපියල් බිලියන 135ක් වැය කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පළමුවරට ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රතිපත්තියක් නිර්මාණය වී ඇති බවත් නිපුණතා සංවර්ධනයට ජාතික වැදගත්කමක් ලැබී ඇති බවත් ප්‍රකාශ කළේය.
     
    ලෝකයේ ප්‍රථමවරට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන කටයුතු එකට එකතු කොට අමාත්‍යංශයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් රුවන්ඩා රාජ්‍යයේ යෞවන කටයුතු හා තොරතුරු අමාත්‍යංශයක් තිබෙන බව පෙන්වා දුන්නේය. අතීතයේ දී දරුවන්ට අධ්‍යාපනයේ ඇති දේ ගන්නට සිදු වූ බවත් වර්තමාන දරුවන්ට තමන් කැමති දේ අධ්‍යාපනයෙන් ගන්නටත් අවස්ථාව හිමි වී ඇති බවත් සඳහන් කළේය.
     
    "අපි වසරකට පළමු වසරට 350,000ක දරුවන් පිරිසක් ඇතුළත් කොට ඉන් 20,000ක් තරම් ඉතා සුළු පිරිසක් විශ්වවිද්‍යාල තුළට ඇතුළත් කර සතුටු වූ ජාතියක්. අතීත සමාජයේ විශ්වවිද්‍යාල වරම් හිමි නො වූ දරුවන්ට අනාගතයක් තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ දී එසේ සමාජයේ කොන්වන දරුවන්ට විකල්ප අවස්ථා ගොඩනැගී තිබෙනවා"  යැයි ද කීය.
     
    මේ වන විට යෞවන සමාජ 12,000ක් දක්වාත් යෞවන සමාජ සාමාජිකත්වය ලක්ෂ 8 දක්වාත් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් යෞවන කටයුතු අමාත්‍යවරයා මින් වසර 4කට පෙර යෞවන සමාජ සාමාජිකත්වය දැරුවේ 150,000ක් තරම් සුළු තරුණ පිරිසක් බවත් පෙන්වා දුන්නේය.
     
    මෙවර ලෝක තරුණ සමුළුව වසර ගණනාවක් තිස්සේ ඇදී යන වැඩපිළිවෙළක අග්‍ර ඵලයක් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya