අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සමුළුවට පැමිණෙන රටවල් 159ක් දක්වා වර්ධනය වෙලා Featured

    මැයි 02, 2014
    2014 ලෝක තරුණ සමුළුව සඳහා රටවල් 159කින් මේ වන විට පැමිණීම තහවුරු කොට ඇති බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී 2014 ලෝක තරුණ සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වන විට රටවල් 121ක නිල නියෝජිතයින්ගේ පැමිණීම, රටවල් 129කින් වෙනස් වූ තරුණ තරුණියන්ගේ පැමිණීම, රටවල් 28ක යෞවන කටයුතු අමාත්‍යවරුන්ගේ පැමිණීම හා ජ්‍යේෂ්ඨ නිලධාරීන් 62ක පැමිණීම තහවුරු කොට ඇත.
     
    තවදුරටත් වෙනත් රටවල තරුණ තරුණියන් සඳහා තරුණ සමුළුවට සහභාගිවීමේ අවස්ථාව උදාකරදීමේ අවස්ථාවක් හිමිනොවන බවත් ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අද දිනයේ සිට තරුණ සමුළුව සඳහා නියෝජිත පිරිස්වල පැමිණීම බලාපොරොත්තු වන බවත් 04වැනිදා වන විට සියලු නියෝජිතවරුන් පැමිණ අවසන් වනු ඇති බවට විශ්වාස කරන බවත් ප්‍රකාශ කළ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා 05වැනි දින තරුණ තරුණියන් සඳහා පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවේ දී 2014 ලෝක තරුණ සමුළුව වෙනුවෙන් නිර්මාණය කළ තේමා ගීතය එළිදැක්වීම සිදු කළේය. තේමා ගීතය භාතිය සංතුෂ් ප්‍රමුඛ කණ්ඩායම විසින් ගායනා කරනු ලබන අතර ගී පද රචනය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිදු කොට ඇත.
     
    මෙහිදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා විසින් 2014 ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය ආවරණ කටයුතු සිදුවන අකාරය ද , පොලිස් අධිකාරී නෝමන් සිල්වා මහතා විසින් සමුළුව පැවැත්වෙන භූමියේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කරන ලදී. 
     
    මෙම අවස්ථාවට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB
     
    wouth com press 1
     
    wouth com press 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya