උතුරු පළාතේ පැවැත්වෙන විශාලතම ප්‍රදර්ශනය ලෙසින් සලකනු ලබන මෙම ප්‍රදර්ශනය Lanka Exhibition and Conference Services (Pvt) Ltd විසින් සංවිධානය කරනු ලැබේ.
බොහෝ කාලයක සිට යාපනය අර්ධද්වීපය තුළ ආයෝජන අවස්ථාවන් සඳහා තිබූ ඉඩකඩ සීමා කළ යම් තහනම් නියෝග, නව රජය විසින් නිදහස් කරනු ලැබීම හේතුවෙන් විවිධ ව්‍යාපාරික කර්මාන්තවල නියැලෙන ව්‍යවසායකයන්ට දීර්ඝ කාලීන හා කෙටි කාලීන ආයෝජනයන් සඳහා මෙවර ප්‍රදර්ශනය නව මාවතක් විවර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විවිධ ක්ෂේත්‍ර තුළ නිරතව සිටින දෙස් විදෙස් වෙළෙඳ ප්‍රදර්ශකයන් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනය හා එක්වීමට නියමිතය.
2014 වසරේ මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 62,000ක් පමණ එක්ව සිටි අතර ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායම් 293ක් ආරාධිතයින් ලෙස සහභාගී වී සිටියහ. එම වසරේ දී JITF ප්‍රදර්ශනය විදේශ වෙළෙඳ කුටි 25ක් ද ඇතුළුව වෙළඳ කුටි 320කින් සමන්විත විය.
වෙළෙඳ පොළේ නව තාක්ෂණය හා තාක්ෂණවේදීන්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික හා වෙළඳ පොළ උපදේශන සේවා සපයන්නන් සහභාගීවන එකම වේදිකාවක් ලෙස මෙම ප්‍රදර්ශනය හැදින්විය හැක.
SDF