අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මැයි දින රැස්වීම් හා පෙළපාළි රැසක් Featured

    මැයි 01, 2014

    ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් අද (01) මැයි දින රැස්වීම් රැසක් දිවයින පුරා පැවැත්වෙන බව වාර්තා වේ.


    කොළඹ නගර සභා බලප්‍රදේශයේ මැයි දින රැස්වීම් සහ පෙළපාළි 20ක්‌ පැවැත්වෙන අතර අම්පාර, බණ්ඩාරවෙල, හැටන්, තලවකැලේ සහ මස්කෙළිය නගරවලද මැයි දින රැස්වීම් පැවැත්වේ.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළිය "මව්බිම රැකගමු - නිදහස සුරකිමු" තේමාවෙන් අද  දහවල් 12.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් ආරම්භව ලිප්ටන් වටරවුම - ඩීන්ස් පාර - මරදාන - බොරැල්ල හරහා බොරැල්ල කැම්බල් පිටියට ළඟාවීමට නියමිතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීම පස්වරු 3.00 පමණ වන විට ආරම්භ වේ.


    මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, නිදහස් වෙළෙද කලාප සහ පොදු සේවා සේවක සංගමය, ක‍්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය, සමාජවාදී ජනතා පෙරමුණ, ජූලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය යන දේශපාලන පක්ෂ සහ සංවිධානවල රැස්වීම් සහ පෙළපාළි කොළඹ දී පැවැත්වේ.


    මහජන එක්සත් පෙරමුණේ මැයි දින පෙළපාලිය එම පක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 12.00ට  බොරැල්ල ආයුර්වේද වටරවුම අසලින් ආරම්භ වී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැස්වීමට සහ පෙළපාළියට එක්වේ.


    ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික පක්ෂ වන ලංකා සම සමාජ පක්ෂය, ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂවලින් සැදුම්ලත් සමාජවාදී ජනතා පෙරමුණ මෙවර සිය මැයි දින පෙළපාළිය සහ රැස්වීම වෙනම පවත්වයි. එම මැයි දින පෙළපාලිය කිරුළපන ක‍්‍රීඩාංගණයෙන් පස්වරු 1.00ට ආරම්භ කර රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් ක‍්‍රීඩාංගණයේදී පවත්වයි.


    ‘‘ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරනු’’ යන සටන් පාඨය  තේමා කරගනිමින් පැවැත්වෙන එම මැයි දින රැස්වීමේදී පක්ෂ නායකයින් වන අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, අමාත්‍ය ඩිව් ගුණසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර, වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, පී.එන්. පොඩිඅප්පුහාමි යන මහත්වරු ජනතාව ඇමතීමට නියමිතය.


    එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙළපාළිය මෙවර නොපැවැත්වේ. මැයි දින රැස්වීම අම්පාර නගරයේදී පස්වරු 2.00ට ආරම්භ වේ. ජනතා විමුක්ති පෙරමුණේ  මැයි දින රැස්වීම බී.ආර්.සී. පිටියේදී පැවැත්වේ.


    උඩරට වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් ලංකා කම්කරු කොංග‍්‍රසය, කඳුරට ජනතා පෙරමුණ, වැවිලි කම්කරු කොංග‍්‍රසය, කම්කරු ජාතික සංගමය ඇතුළු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල මැයි දින රැස්වීම් 8ක් ඌව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල අද පැවැත් වේ. ලංකා වතු සේවක සංගමය මාතර දී සිය මැයි දින රැස්වීම පවත්වයි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya