අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද කොළඹ රථවාහන ධාවන සැලැස්ම

    මැයි 01, 2014

    කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (01) ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.


    ජගත් කම්කරු දින සැමරුම් පෙළපාළි නිසා මෙම රථවාහන සැලැස්ම යොදා ඇති අතර ඒ අනුව රථවාහන ධාවනයට වසා තැබෙන මාර්ග සහ ගමන් කළ හැකි විකල්ප මාර්ග පහත පරිදි වේ.


    කොළඹ 07, නෙළුම් පොකුණ මාර්ගය, කොළඹ, මහජන පුස්තකාල වටරවුම සිට නෙළුම්පොකුණ වටරවුම දක්වා පෙරවරු 9.00 සිට පෙළපාළි අවසන් තුරු වසා තැබේ.


    බේස් ලයින් පාර, දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව හන්දිය (ඉංග්‍රම් හන්දිය) සිට බොරැල්ල හංදිය දක්වා දහවල් 12.00 සිට කැම්බල් උද්‍යානයේ රැළිය අවසන් වනතුරුද, දහවල් 11ට පෙළපාළිය ආරම්භ වූ අවස්ථාවේ පටන් අවසානය දක්වා පුරහල එස්.ඩබ්ලියු.ඩබ්ලියු. කන්නන්ගර මාවත, ඩීන්ස් පාර, මරදාන පාර, බොරැල්ල හංදිය දක්වා පෙළපාළිය ගමන් කරන මාර්ගයේ අවශ්‍යතාව මත වාහන ගමන් කිරීම සීමා කෙරේ.


    පිත්තලහන්දිය සහ මල්පාර හන්දිය සිට ජේ.ඕ‍.සී. හන්දිය දෙසට පමණක් රථවාහන ධාවනයට අවසර ලැබෙන අතර රතු කුරුස හංදිය, ග්ලාස් හවුස්, මල් පාර හන්දිය අතර වාහන ගමනාගමනයට අවසර ලැබෙනුයේ එක්සත් මැයි රැළියට හා ජාතික පුස්තකාලයේ පැවැත්වෙන මැයි දින රැස්වීමට පැමිණෙන වාහන හා පදිංචිකරුවන්ගේ වාහනවලට පමණි.


    මේ අතර විකල්ප මාර්ග ලෙස ගාලු පාර, පිටකොටුව සිට මීගමුව පාර හෝ නුවර පාර දෙසට ධාවනය වන රථවාහනවලට පිටකොටුව, ඕල්කට් මාවත, ආමර්වීදිය හංදිය ඔස්සේ වික්ටෝරියා පාලමෙන් පෑලියගොඩ, මීගමුව දෙසට ඇතුළුවීමට හෝ හෙට්ටියාවත්ත, අලුත්මාවත, මෝදර, මට්ටක්කුලිය, ඇළ කන්ද හරහා වත්තලට පැමිණ ගමන් කිරීමෙන් මීගමුව දෙසට ඇතුළුවීමට හෝ හෙට්ටියාවත්ත, අලුත් මාවත, මෝදර, මට්ටක්කුලිය, ඇළ කන්ද හරහා වත්තලට පැමිණ ගමන් කිරීමටද හැකි වේ.


    මීගමුව පාරේ හෝ නුවර පාරේ සිට හැව්ලොක් පාර, ගාලුපාර, පිටකොටුව දෙසට ගමන් කරන වාහනවලට ඉහත දක්වා ඇති පරිදි එම මාර්ගයන්ම විකල්ප මාර්ග ලෙස භාවිත කළ හැකිය.


    මධ්‍යහන 12.00සිට බොරැල්ල හංදියෙන් වාහන ගමනාගමනය නතර කරන අතර බොරැල්ල හරහා පෑලියගොඩ දෙසට ගමන් කරන රථවාහනවලට බොරැල්ල කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත, තුන් මුල්ල, ගාලු පාර, පිටකොටුව හරහා ගමන් කළ හැකි වේ.


    නුවර පාර සිට බොරැල්ල දෙසට පැමිණෙන වාහනවලට ඉඟුරු කඩේ හංදිය, ආමර් වීදිය, කෙලින් වීදිය, පිටකොටුව, කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර, තුන් මුල්ල හරහා ගමන් කළ හැකිය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya