අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.
පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
HC