අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදාන පුණ්‍යෝත්සවය

    මැයි 01, 2014

    අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අභිනව මහා නායක ධූරයට තේරී පත්වූ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත එම නිකායේ මහා නායක ධූරය පිළිබඳ අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය ලබන 04 වැනි දින මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී සිදුකිරීමට නියමිතය.


    රත්මලාන මල්ලිකාරාමාධිපතිව වැඩවිසූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත, විනය විශාරද, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මේ ධූරය පිරිනැමිණි.


    උන්වහන්සේ, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ උත්තරීතර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය හිමිනමකි.


    ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඤාණිස්සරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා සැදැහැවත් පින්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්වීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya