මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය හා මහා පොත් සල්පිල හෙට සිට 11 දක්වා Featured

    මැයි 01, 2014

    ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය, මහා පොත් සල්පිල හා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාව හෙට (02) සිට ලබන 11 දින දක්වා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ.


    මෙහි ආරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙ.ව. 9.00ට පැවැත්වෙන අතර මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

    මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පාසල්, පුස්තකාල ගුරු සිසුන් ඇතුළු මහජනතාවට විවෘතව තැබේ.


    විෂය නිර්දේශ, ගුරු අත්පොත්, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, ඇගයීම් වාර්තා, අතිරේක කියවීම් පොත්, පිරිවෙන් පොත් දෙස් විදෙස් කෘති රැසක් රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික පොත් ප්‍රකාශකයන්ගේ සහභාගිත්වය සහිතව මේ ප්‍රදර්ශනය ඇතුළත් කර තිබේ. 20%ක හා 50%ක වට්ටම් සහිතව ඉතා සහන මිල ගණන් යටතේ මෙම දැවැන්ත පොත් ප්‍රදර්ශනය මඟින් කෘති මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් මෙම ප්‍රදර්ශනය හා පොත් සල්පිල සංවිධානය කරනු ලබන අතර විභාග දෙපාර්තමේන්තුව මඟින් අ.පො.ස. සා/පෙළ හා අ.පො.ස උ/පෙළ සම්මන්ත්‍රණ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

     

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya