සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත පැහැබර කාලගුණ තත්ත්වයක්

    ජනවාරි 08, 2015

    අද (08) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව ඉදිරි දිනවල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන අපේක්ෂා කළ හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය      


    ගාල්ලට සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    කොළඹට අනුරාධපුරයට යාපනයට මඩකළපුවට ත්‍රිකුණාමලයට මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    මහනුවරට නුවරඑළියට රත්නපුරයට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් සහ යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                   


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.

    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.3°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.3°C නුවරඑළියෙන් ද මි.මී. 83.5ක උපරිම වර්ෂාපතනය රත්නපුර දෙල්වල තේ කම්හල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    අද අලුයම 3.00ට ගන්නා ලද ශ්‍රී ලංකාවේ වලාකුළු පිළිබඳ කාලගුණ සිතුවම සහිත චන්ද්‍රිකා ඡායාරූපය ඉහත දැක් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya