සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලට වැසි

    ජනවාරි 03, 2015

    අද (03) දිවයිනේ නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලට වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


    අනුරාධපුරයට කොළඹට හා මත්තලට මීදුම සහිත කාලගුණයක් අලුයම් කාලයේ පවතී.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට වරින්වර වැසි ඇති වේ.

    කොළඹට නුවරඑළියට මහනුවරට යාපනයට හා මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    ගාල්ලට රත්නපුරයට අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:


    ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya