අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය ස්ථාපිත කරයි Featured

    අප්‍රේල් 30, 2014
    පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ වැඩසටහනට අදාළව පිහිටවන ලද පොදුරාජ්‍ය මණ්ඩලයේ තරුණ කවුන්සිලයේ මහලේකම් කාර්යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ලබන මැයි 06දා හම්බන්තොට දිසාපති සංකීර්ණය තුළ ස්ථාපිත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. 
     
    2010 වර්ෂයේ ඉන්දියාවේ චන්දිගාර් හි පැවති තරුණ නායකයින්ගේ සමුළුවේ දී ප‍්‍රථම වරට තරුණ කවුන්සිලයක් පිහිටුවීම සඳහා යෝජනා කළ අතර, 09 වෙනි පොදුරාජ්‍ය මණ්ඩල තරුණ සමුළුවේ දී එම යෝජනාව සම්මත විය. මෙම තරුණ කවුන්සිලය විධායක මණ්ඩල සාමාජිකයන් 09 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් සිවු දෙනෙකුම ශ‍්‍රී ලාංකිකයන් වේ. 
     
    පොදුරාජ්‍ය මණ්ඩලයේ තරුණ කවුන්සිලයේ මහලේකම් කාර්යාලය ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම තුළින් එහි තරුණ වැඩසටහන් හි කේන්ද්‍රස්ථානය බවට අප රට පත් වන බවත්, එය රටක් ලෙස අප ලබන ගෞරවයක් මෙන් ම, ශ‍්‍රී ලාංකීය තරුණ තරුණයින්ට ද ජාත්‍යන්තර තාරුණ්‍යය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇති බවත් පොදුරාජ්‍ය මණ්ඩල 09 වෙනි තරුණ සම්මේලනයේ සභාපති, කුසල කුමාර ප‍්‍රනාන්දු මහතා පැවසීය.
     
    මෙම තරුණ කවුන්සිලය විවෘත කිරීමේ අවස්ථාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන සේවා අමාත්‍ය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ග්‍රේරු, අමාත්‍යංශ ලේකම් බී. විජේරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ තරුණ කටයුතු අංශයේ අධ්‍යක්ෂ කැතරින් එලිස්, එහි වැඩසටහන් කළමනාකරු ලේන් රොබින්සන් යන මහත්ම මහත්මීන් රැසක් සහභාගී වීමට නියමිත ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya