අද (30) පෙ.ව. 8.45ට පමණ පොතුහැර දුම්රිය ස්ථානයේදී වව්නියාව සිට මාතර බලා දිවෙන රැජන දුම්රියත්, කොළඹ සිට කිලිනොච්චිය බලා දිවෙන සීග්‍රගාමී දුම්රියත් පොතුහැරදී එකිනෙකට ගැටීමෙන් රෝහල්ගත කළ ගණන මගීන් ගණන මේ වනවිට 68ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද අජිත් රෝහණ මහතා පවසයි. මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් යථාතත්ත්වයට පත්කර නොමැති අතර, දුම්රිය අනතුරට හේතුව පිළිබඳව දුම්රිය බලධාරීන් විසින් මේ වන විට පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතී. දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදුව ඇත.
ECB