අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සමුළුව සඳහා ප්‍රථම නියෝජිත පිරිස පැමිණෙති Featured

    අප්‍රේල් 30, 2014
    තරුණයින් පිළිබඳ ලෝක සමුළුව සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි ස්ලේවේනියානු සමූහාණ්ඩුවේ තරුණ නියෝජිතයින් දෙපළ වන ජාඑක් ටීආ සහ මීනා මොහෝර්කෝ දෙපළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී තරුණයින් පිළිබඳ ලෝක සමුළුවේ මාධ්‍ය ප‍්‍රකාශක සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.
     
    මෙම අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් තරුණ නියෝජිතයින් දෙපළ සඳහන් කළේ ඔවුන් ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකාවට පැමිණි බවත්, මීට පෙර ශ‍්‍රී ලංකාව පිළිබඳ ව තොරතුරු දැන සිටි බවත්,  ශ‍්‍රී ලංකාව ඉතා මනරම් වූ රටක් බවත්ය,  එමෙන්ම ඔවුන් මෙම සමුළුව ආරම්භ වීමට ප‍්‍රථම දිවයිනට පැමිණීමට අදහස් කර ඇත්තේ දිවයිනේ ඇති සුන්දරත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට බව ප‍්‍රකාශ කරන ලදී. 
     
    මෙම අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා සඳහන් කළේ තරුණයින් පිළිබඳ ලෝක සමුළුව සඳහා ප‍්‍රථමයෙන් පැමිණි තරුණ කණ්ඩායම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා බවයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya