අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාලයෙන් නව විද්‍යා උපාධි පාඨමාලා දෙකක් Featured

    අප්‍රේල් 30, 2014

    කැලණිය විශ්වවිද්‍යාලයේ කර්මාන්ත හා පරිපාලන අංශයෙන් නව විද්‍යා උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇති අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ විද්‍යා උපාධි පාඨමාලව විවිධාංගීකරණය කොට ඉදිරිපත් කොට ඇති බව කැලණිය
    විශ්වවිද්‍යාලයේ කර්මාන්ත හා පරිපාලන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගාමිණි විජේරත්න මහතා පැවසීය.

    ඒ මහතා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

    මෙම පාඨමාලා සඳහා 2013 වසරේ දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන්නන් හට ඉල්ලුම් කළ හැකිය. මෙම පාඨමාලාව සඳහා ඇතුලත් වීමේ මූලික සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
    කොමිසම් සභාව විසින් නිකුත් කොට ඇති අත්පොතෙහි සඳහන් වේ.

    මෙම විෂය සම්බන්ධයෙන් වන ආචාර්යවරුන්ගේ හිඟයක් ඇති බවත් එය ඉතා බරපතළ ප්‍රශ්නයක් බවත් ඒ සඳහා වු නව වැඩපිළිවෙළක් සමගින් මෙම පාඨමාලා ආරම්භ කොට ඇති බවත් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගාමිණි
    විජේරත්න මහතා පැවසීය.

    මේ වන විට මෙම විෂය ක්ෂේත්‍ර සඳහා වූ ආචාර්යවරුන් බඳවාගැනීමේ කටයුතු ආරම්භ කොට ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    පළමුවරට සිසුන් 50ක කණ්ඩායමකින් මෙම පාඨාමාලා ආරම්භ කෙරෙන අතර සාර්ථකත්වය මත ඉතා ඉක්මනින් මේ සඳහා බඳවාගන්නා පිරිස වැඩිකිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දුරකතන අංක 011 2903282 හෝ 011 2903281 ෆැක්ස් අංකයෙන් ලබාගත හැකිය. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපැල් ලිපිනයෙන් හෝ www.mit.kln.ac.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya