අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු දරුවන්ට අධ්‍යාපනයේ සම අයිතීන් ලබාදීම රජයේ අරමුණයි

    අප්‍රේල් 29, 2014

    උතුරු නැගෙනහිර ඇතුළු රටේ සියලුම පළාත්වල දරුවන්ට අධ්‍යාපනයේ සම අයිතීන් ලබාදීම අපේ රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

    "ජනප්‍රිය පාසල් සංකල්පය තුළ අතරමංවුණ දරුවන් වගේම දෙමාපියන් අපේ සමාජයේ කොතෙකුත් දකින්න පුළුවන්. කොහොම වුණත් මේ තත්ත්වය වෙනසකින් තොරව පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා. නමුත් අපේ රජය මේ වන විට ආරම්භ කරලා තියෙන පාසල් දහසේ වැඩසටහන තුළ මෙතෙක් කලක් හිතින් අඬ අඬා පාසල් ගිය යුගය නිමාකිරීමට අපට ඉඩ කඩ ලැබිලා තියෙනවා" යැයි අමාත්‍යවරයා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා රත්නපුර, මීහිටිය විදුහලට නව ගොඩනැගිල්ලක් ලබාදීම සඳහා පැවති උත්සවයකට සහභාගි‍ වෙමිනි. මෙම ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 24ක පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදි කොට ඇත.


    "අද වන විට අපි රටක් විදිහට අධ්‍යාපනයෙන් හොඳ තැනක ඉන්නවා. දකුණු ආසියානු කලාපය ගැන සලකන විටත් අපි ඉහළ තැනක ඉන්නවා. තොරතුරු තාක්ෂණ දැනුම අද වන විට 30% ඉක්මවූ හොඳ තැනක තියෙනවා. ඒ වගේම කාලීන අවශ්‍යතා හඳුනාගෙන අපි තාක්ෂණ විෂය පාසල් විෂය පද්ධතියට හඳුන්වලා දීලා තියෙනවා. මේ දේවල් දියුණුව අපේක්ෂා කරන රටකට අවශ්‍ය දේවල්. අපේ දෙමාපියන්ගේ හීනයක් තමයි තමන්ගේ දරුවන්ව හොඳ ජනප්‍රිය පාසලකට ඇතුළත් කරන එක. ඒක සාධාරණ අරමුණක්. මේ දේවල් හොඳින් හඳුනාගන්න අපේ රජය අද පාසල් 1000 ව්‍යාපෘති දියත් කරමින් ඉන්නවා. මේ දේවල් අපි කරන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ගැන හිතලා. අපි ජනතාවගේ අයිතීන් උඳුරාගන්න රජයක් නෙවෙයි, ජනතාවට ලැබිය යුතු අයිතින් හොය හොයා ලබාදෙන රජයක්" යැයි ද සෙනෙවිරත්න මහතා පැවසීය.

     

    මෙම අවස්ථාවට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භානු මුනිප්‍රිය, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රභාත් මහේෂ ද අල්විස්, දීපාල් ගුණසේකර, විදුහල්පතිනි ලතා ප්‍රේමශීලි මහත්මිය හා ගුරු දෙගුරුන් ඇතුළු විශෘල පිරිසක් සහභාගි වී සිටියහ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya