අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු පවුල්වලට ඉඩම් ඔප්පු Featured

    අප්‍රේල් 29, 2014

    මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් දෙදෙනකුගේ මව්වරුන්ට සහ ආබාධිත රණ විරුවෙකුට නිවාස ඉදිකරගැනීම සඳහා ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී සිදුවිය.


    ගම්පහ වතුමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ධනසීලි කුමාරතුංග සහ පියසීලි කුමාරතුංග යන දානපතිනියන් විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණ විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත රණ විරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් සහිත මෙම ඉඩම රණ විරු සේවා අධිකාරියට පරිත්‍යාග කර තිබේ.

     

    මෙම අවස්ථාවට එක්වු රණ විරු සේවා අධිකාරියේ සභාපතිනි පත්මා වෑත්තෑව මහත්මිය සඳහන් කළේ මෙම ඉඩම් ඔප්පුලාභි රණ විරු පවුල් සඳහා තමාටම අයත් ස්ථීර නිවාස නොතිබු බවත්, නව ඉඩමේ නිවාස ඉදිකිරීමට අවශ්‍ය උපකාර ලබාදීමට රණ විරු සේවා අධිකාරිය කටයුතු කරන බවත්ය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya