සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නැගෙනහිර කොටසටත් අනෙක් පළාත්වලටත් වැසි ඇතිවීමේ හැකියාව වැඩි වේ Featured

    දෙසැම්බර් 15, 2014

    අද (15) දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි ද අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ද සමඟින් වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

     

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට වැසි රහිත යහපත් කාලගුණයක් පවතී.

    කොළඹට ගාල්ලට සන්ධ්‍යා කාලයේ දී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට විටින් විට වැසි ඇති වේ.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 8.6ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 7.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 22.1ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද  මි.මී. 40.5ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද‍ මි.මී. 4.6ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.0°C අනුරාධපුර, මන්නාරම හා රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.1°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.9°C නුවරඑළියෙන් ද මි.මී. 25.2ක උපරිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya