සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    68 වන සේනාංකය 5 වන සංවත්සරය සමරයි

    දෙසැම්බර් 09, 2014

    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංකය, සිය 5 වන සංවත්සරය සැමරීය.


    ඒ නිමිත්තෙන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ. කාරියකරවන මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිත් සඡ්ඤායනාවක් සහ මැරතන් ධාවන තරගයක් ද පැවැත්විණි.

    මෙයට සමගාමීව 68 වන සේනාංකයට අයත් බලසේනා, බලඇණි සහ ඒකකවල සෙබළුන් 250කගේ පමණ සහභාගීත්වයෙන් වෙල්ලමුල්ලිවයික්කාල් නැගෙනහිර සිට 68 වන සේනාංක පිවිසුම් දොරටුව දක්වා මැරතන් ධාවන තරගයක් ද පැවැත්වූ අතර තරගයේ ශූරතාව 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ අනු ශූරතාව 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව දිනා ගැනීමට සමත් විය.

    සර්ව රාත්‍රික පිරිත් සඡ්ඤායනාවෙන් පසුදා උදෑසන හීල් දානය සමඟින් දේශය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ට සෙත් පැතීමක් ද සිදු කෙරිණි.


    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya