සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා පැවතියේ වෙනස් රටක් - ආරක්‍ෂක ලේකම්

    දෙසැම්බර් 05, 2014
    ලංකාව අද වෙනස් රටක්, එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාරගන්න විට මේ රට පැවතුනේ පාලන දෙකක් යටතේ වව්නියාවෙන් උතුරට පැවති බිම් ප්‍රදේශ සහ නැගෙනහිර පළාතේ තුනෙන් දෙකකට වඩා වැඩි බිම් ප්‍රමාණයක් පාලනය කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
     
    "මායිම් ගම්මානවල සිටි පිරිස් හිටියේ කොයි මොහොතේ තමන්ගේ ජීවිත අහිමිවෙදෝ යන බියේ. දේශපාලන නායකයන් ඝාතනය වුණා. මහ බැංකුව, තෙල් පිරිපහදුව, ගුවන් තොටුපොළ වැනි ආර්ථික මර්මස්ථාන පුපුරුවා හැරියා. සමාජ සහ ආර්ථික ප්‍රශ්න රාශියකට මුහුණදී සිටි අප මාතෘ භුමියේ ප්‍රමුඛත ම ගැටලුව වුයේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ ත්‍රස්තවාදය මර්ධනය කිරීමයි".
     
    ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ විද්වත් වෘත්තිකයන්ගේ සමිති සංගමයේ විශේෂ සභා රැස්වීමක ආරාධිත දේශකයා ලෙස සහභාගි වෙමිනි.
     
    "ජාතික ආරක්‍ෂාව" මැයෙන් ආරක්‍ෂක ලේකම්වරයා දේශනයේ දී තවදුරටත් අදහස් දක්වමින් මෙරට ත්‍රස්තවාදයේ ආරම්භය විකාශනය සහ ඔවුන් අන්තර්ජාතික වශයෙන් ජාලගත වූ ආකාරයත් සන්නද්ධ අංශය වැඩිදියුණු කරමින් දශක තුනකට ආසන්න කාලයක් මෙරට භීෂණයට ලක් කළ අයුරුත් රටේ සංවර්ධනය අඩපණ කළ ආකාරයත් පැහැදිලි කරන ලදී. 
     
    එසේ ම රජයක් ලෙස ස්ථාවර තීන්දු තීරණ ගනිමින් එම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ ආකාරය සහ වෙනස් ආකාර පාලන ප්‍රදේශ දෙකක් ව පැවති අප මාතෘ භූමිය ඒකීය නිදහස් රටක් බවට වූ ආකාරයත් එහිදී රටක ජාතික ආරක්‍ෂාව කොතරම් තීරණාත්මක සාධකයක් ද යන්නත් පැහැදිලි කරන ලදී. 
     
    1972 වසර ආරම්භ කරන ලද විද්වත් වෘත්තිකයගේ සමිති සම්මේලනය (Organisation of Professional Assassination -OPA ) තුළ විවිධ වෘත්තීන් 43කට සම්බන්ධ 50000 අධික සාමාජික පිරිසක් මේ වන විට දීප ව්‍යාප්ත ව විසිරි සිටින අතර ශාඛා සංවිධාන 33ක් යටතේ එය ක්‍රියාත්මක වේ. 
     
    ආරක්ෂක ලේකම්වරයාගේ කථාව අවසානයේ දී පැමිණ සිටි විද්වත් වෘත්තිකයන්ට ඔවුන් සතු ප්‍රශ්න ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරිමට ද අවස්ථාව සලසා දෙනු ලැබීය.
     
    මෙම අවස්ථාව සඳහා විද්වත් වෘත්තිකයන්ගේ සමිති සම්මේලනයේ සභාපති අතාවුද ජයවර්ධන, නව සභාපති මහාචාර්ය රොහාන් කුරුප්පු, මහ ලේකම් රුවන් ගාල්ලගේ මහත්වරු ඇතුළු විද්වත් වෘත්තික සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වී 
    සිටියහ.
     
    DB/MOD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya