සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද වැසි නොමැති යහපත් කාලගුණ තත්ත්වයක් Featured

    දෙසැම්බර් 05, 2014

    අද (05) උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අද ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් දිවයිනේ බොහෝ පළාත්වල පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ රාත්‍රී  කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.

    මඩකළපුවට තැනින් තැන වැසි ද ත්‍රිකුණාමලයට වැසි ස්වල්පයක් ද ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන සැලකිය යුතු වර්ෂාපතනයක් ප්‍රධාන නගරවලින් වාර්තා වී නොමැත.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.3°C රත්නපුර සහ කොළඹ ප්‍රදේශවලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.3°C නුවරඑළියෙන් ද මි.මී. 74.1ක උපරිම වර්ෂාපතනය මහියංගනය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya