සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානදුර පාසල් දරුවන් සඳහා උපකරණ බෙදා දීම ජනපති ආර්යාවගේ සුරතින්

    දෙසැම්බර් 01, 2014

    පානදුර ප්‍රදේශයේ පාසල් දරු දැරියන් 2,000කට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ පානදුර නගර ශාලාවේදී සිදු කෙරිණි.

    පානදුරේ මහා කරුණා පදනම මඟින් මේ උත්සවය සංවිධානය කර තිබුණි.

     

    මේ අවස්ථාවට එම පදනමේ සභාපති පූජ්‍ය රත්මලේ විමලකීර්ති ස්වාමීන් වහන්සේ වැඩම කර සිටි අතර අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ, පානදුර නගරාධිපති රියන්සි ප්‍රනාන්දු යන මහත්වරු ද එක් ව සිටියහ.

     

    ඉන්පසු ව පානදුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමට ද සහභාගී වූ ජනාධිපති ආර්යාව එහිදී ද පානදුර ප්‍රදේශයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරු දැරියන් පිරිසක් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට එක් වූවාය.

     

    NDH/pmu-Lalith Walivitigoda

    First Lady Presides Event to Hand over School Stationery Items 2

     

    First Lady Presides Event to Hand over School Stationery Items 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya