සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලට වැසි Featured

    දෙසැම්බර් 01, 2014

    අද (01) දිවයිනේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                                            


    කොළඹට විටින් විට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    ගාල්ලට මඩකළපුවට රත්නපුරයට මහනුවරට නුවරඑළියට ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                                          

     

    ඊයේ පස්වරු 5.30 වන විට මි.මී. 18.9ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 29.5ක වර්ෂාපතනයක් මන්නාරමින් ද මි.මී. 12.2ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 31.5ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5°C හම්බන්තොට ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.6°C නුවරඑළියෙන් ද මි.මී. 32.0ක උපරිම වර්ෂාපතනය පුස්සැල්ලාව හෙල්බොඩ උතුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya