සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු සහ උතුරු මැද පළාත්වලට අදත් වැසි Featured

    නොවැම්බර් 30, 2014

    අද (30) දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                                 


    කොළඹට ගාල්ලට විටින් විට උදැසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට රත්නපුරයට මහනුවරට නුවරඑළියට ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                            


    ඊයේ පස්වරු 5.30 වන විට මි.මී. 9.8ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 16.9ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 4.5ක වර්ෂාපතනයක් මොනරාගලින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.7°C මොනරාගල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.6°C නුවරඑළියෙන් ද මි.මී. 70.2ක උපරිම වර්ෂාපතනය පොතුවිල් එක්ගල්ඔය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya