එහෙත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ මෙම ප‍්‍රකාශය බි‍්‍රතාන්‍ය රජය විසින් සිදුකළ ප‍්‍රකාශයක් හෝ තීරණයක් නො වන බවයි.
බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ කමිටු සාමාජිකයින් පිරිසක් පවසන්නේ යෝජිත ජාත්‍යන්තර විමර්ශනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමසාරිස් මඟින් කණ්ඩායමක් පත් කර ඇති බවයි.
ඔවුන්ට අදාළ විමර්ශනය සඳහා ශී‍්‍ර ලංකා රජය අවස්ථාව ලබාදිය යුතු බව අදාළ මන්තී‍්‍රවරු පිරිස පවසා ඇති අතර ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන මෙම විමර්ශනයට ඉන්දියාවේ නව රජය ද සහය දැක්විය යුතු බව ඔවුන් කියයි.
එමෙන්ම මෙලෙස සිදු කළ ප‍්‍රකාශ කිසිවක් බි‍්‍රතාන්‍ය රජය විසින් පිළිගෙන හෝ අනුමත කර නොමැති බවද ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය.
මෙය බි‍්‍රතාන්‍ය රජයේ තීරණයක් නොවන බැවින් ඒ පිළිබඳ කළබල නොවිය යුතු බව ඊයේ (28) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
HC/priu