මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම සිට මීගමුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50 දක්වා ඉහළට

    නොවැම්බර් 15, 2014

    අද (15) හික්කඩුව සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනට බස්නාහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වන අතර නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං  ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.


    මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිය. මීට අමතර ව  ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya