නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 27, 2014

    අද (27) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසු ව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

     

    ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    කොළඹට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    නුවරඑළියට මහනුවරට රත්නපුරයට අනුරාධපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    ඊයේ රාත්‍රී 8.30 වනවිට මි.මී. 27.8ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 47.0ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 12.1ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 7.2ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද වාර්තා වී තිබේ.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.0°C මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.9°C නුවරඑළියෙන් ද මි.මී. 85.0ක උපරිම වර්ෂාපතනය හිනිදුම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya