මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ හැටි අධ්‍යයනය කිරීමට රටවල් රැසක විශේෂඥයන් පිරිසක් අද දිවයිනට

    ඔක්තෝබර් 13, 2014
     
    ශ‍්‍රී ලංකාව අග්නිදිග ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ ප‍්‍රථම රට බවට මේ වන විට පත් වී ඇත. 1937 වසරේ මාස හයක් තුළ මෙරට පුද්ගලයන් 80,000ක් මැලේරියාවෙන් මරණයට පත් වූ අතර ලක්ෂ 15ක් මැලේරියා රෝගීන් වාර්තා විය.
     
    ඉන් අනතුරුව වරින්වර මැලේරියා රෝගය හිස එසවූ අතර රෝගීන් මෙන්ම මරණ ද වාර්තා විය. අවසන් වරට වැඩිම මැලේරියා රෝගීන් ප‍්‍රමාණයක් මෙරටින් වාර්තා වූයේ 2000 වර්ෂයේ දී ය.
     
    එම වසරේ දී මැලේරියා රෝගීන් 2,10,039ක් වාර්තා විය. මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික මැලේරියා මර්දන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ දූරදර්ශී සහ කාර්යක්ෂම පියවරයන් නිසා වසර 2012 වන විට මෙරටින් වාර්තා වූයේ රෝගීන් 23ක් පමණි.
     
    2013 සහ 2014 වසරවල දී මෙරටින් එකදු මැලේරියා රෝගියෙක් හෝ මෙතෙක් වාර්තා වී නැත. මේ නිසා මෙම තත්ත්වය 2016 වසර තෙක් පවත්වා ගෙන යාම අවශ්‍ය වන අතර එම කාලය තුළ රට අභ්‍යන්තරයෙන් මැලේරියා රෝගීන් වාර්තා වීම වැළැක්වීම තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ‍්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස නම් කිරීමට යෝජිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    කෙසේ වුවද මැලේරියා මර්දනයේ දී මෑතක දී එල්ල වී තිබෙන ප‍්‍රධාන අභියෝගය වන්නේ මෙම කලාපය තුළ තවමත් එම රෝගය පවත්නා රටවල සිට මෙරටට සංක‍්‍රමණය වන මැලේරියා ආසාදිත රෝගීන් ය. 2014 වසරේ මෙතෙක් ගත වූ කාලය තුළ රට අභ්‍යන්තරයෙන් එකම මැලේරියා රෝගියෙකු හෝ වාර්තා වී නැතත් මැලේරියා ආසාදිත විදේශ සංක‍්‍රමණිකයන් 39 දෙනෙක් වාර්තා වී ඇත. නමුත් ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළේ රෝග ආවේක්ෂණ මධ්‍යස්ථානය මගින් හඳුනාගෙන අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දී රෝග ව්‍යාප්තිය වළක්වාලීමට පියවර ගන්නා ලදී.
     
    ශ‍්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ ආකාරය හැදෑරීම සඳහා අද 13 වන දින රටවල් කිහිපයක විශේෂඥයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය. ඔවුන් අතර මැලේරියා රෝගය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය රොබට් ප‍්‍රීචම් මහතා ද අයත් වේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව මැලේරියා මර්දනය සඳහා අනුගමනය කළ ක‍්‍රමවේදයන් සෙසු රටවල් හා හුවමාරු කර ගැනීම මෙහි අරමුණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. මෙම විශේෂඥයන්ගේ හමුවක් හෙට 14 වන දින මීගමුවේ දී පැවැත්වීමට නියමිත ය.
     
    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya