අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද කච්චතිව්, චුන්නාවිල් සහ පුදුමාතලන් නගරවලට හිරු මුදුන් වේ

    අප්‍රේල් 14, 2014

    අද (14) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන, විශේෂයෙන් බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේද වැසි බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.  අද (14), දහවල් 12.11ට කච්චතිව්, චුන්නාවිල් සහ පුදුමාතලන් යන නගරවලට හිරු මුදුන්ව පවතී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya